පසුගිය 21 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ නව ජනාධිපති, අනුර කුමාර දිසානායක ඊයේ (23) ධුරයේ දිවුරුම් දී වැඩ භාර ගත් පසුව ක්‍රමානුකූලව පියවරෙන් පියවරට රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනඟමින් සිටී.
අද (24දා) සමස්ත අමාත්‍යාංශ සංඛ්‍යාව 15කට සීමා කර එම අමාත්‍යාංශ ජනාධිපති ප්‍රමුඛ සිවු දෙනකුගේ සීමිත කැබිනෙට් මණ්ඩලයට පවරා ගනු ලැබී ය. ඉන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනකු පත් කිරීමට නියමිත ය.
ඊට අමතරව නව ආණ්ඩුකාරවරුන් නව දෙනකු පත් කිරීම ඉතා ඉක්මනින් සිදු කරන බව ද වාර්තා වේ. ඉන් පසු රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් සහ රජයේ ව්‍යවසායයන් සම්බන්ධයෙන් විශේෂ අධීක්‍ෂණයක් කර අවශ්‍ය වෙනස් කිරීම් පමණක් සිදු කිරීමට සැලැසුම් කර තිබේ.
327









