එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල පත් කිරීමට එරෙහිව රවී කරුණානායක නව සටනක් ආරම්භ කරමින් එම තනතුර තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිලධාරි මණ්ඩලය තුළ ද බෙදීමක් හට ගෙන ඇත. එම තනතුර රවී කරුණානායකට ලබා දිය යුතුය යන අදහස මනූෂ නානයක්කාර හරීන් ප්‍රනාන්දු සහ වජිර අබේවර්ධන ද දරන අතර, තලතාට ලබා දිය යුතු බව රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වී ඇතැයි ද වාර්තා වේ.
වාර්තා වන අන්දමට තලතා අතුකෝරලට එවනි ප්‍රබල තනතුරක් ලබා දීමෙන් බොහෝ පිරිසක් මන්දෝත්සාහි විය හැකි බව රවි කරුණානායක නියෝජන කරන පිලේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහගේ අදහස වී තිබෙන්නේ ජනාධිපතිවරණය දක්වා වූ කෙටි කාලය තුළ කාන්තා ආකර්ශනය දිනා ගත හැකි ප්‍රබල චරිතයක් අවශ්‍ය බවත් ඒ සඳහා දැනට තිබෙන හොඳම විසඳුම තලතා අතුකෝරල බවත් ය. නමුත් ඇය මේ දක්වා ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය හෝ ලබා ගෙන නැතැයි ද වාර්තා වේ.










