දයාසිරි පැන්නත් හරි බාල්දි ගොඩයි

දයාසිරි පැන්නත් හරි බාල්දි ගොඩයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයට එක්වීමෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අලුතින් මත ගැටුම් රැසක් නිර්මාණය වී ඇති අතර මෛත්‍රිපාල සිරිසේන මුල් කර ගනිමින් තවත් පැත්තකින් මත ගැටුම් හට ගෙන ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කණ්ඩායම රැස් වූ අවස්ථාවේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සහ ඔවුන් වෙත අලුතින් වැඩ පැවරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. එම අවස්ථාවට රිෂාඩ් බදුයුදීන්, දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම සහ චම්පික රණවක යන මෑතදී එක් වූ මන්ත්‍රීවරු සහභාගී වී සිටි බව වාර්තා වේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් දහම් සිරිසේන පත්කර ගනිමින් මෛත්‍රිපාල සිරිසේනට පවතින ඡන්ද ප්‍රමාණය එක්කර ගත යුතු බව දයාසිරි ජයසේකර පෙන්වා දි ඇත. එම අදහසට අනෙකුත් සියළුම දෙනා මෙන් ම සජිත් ප්‍රේමදාස ද විරුද්ධ වී තිබේ. මේ නිසා දයාසිරි ජයසේකර ආවේගයට පත් වී තමන් මෛත්‍රිපාල සිරිසේනගේ නියෝජිතයෙකු නොවන බව සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්