රට ගොඩ ගත් බවට විශාල ප්‍රචාරයක් ලෙන යන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට යොමු වීමෙන් පවා යළිත් රට කඩා වැටෙන බව පවසමින් රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු ජනතාව බිය වැද්දීමේ උත්සාහයක යෙදී සිටී.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පසුගිය 28 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වන ලද විදේශ ඇමති අලි සබ්‍රි එලෙස බිය ගැන්වීමේ ක්‍රියාවලියට ආර්ථික දත්ත පවා ඉදිරිපත් කර තිබිණි. ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන 1,300ක් වූ ණය මුදල නොලැබුණහොත් රට යළි කඩා වැටෙන බව ය. මේ අනුව රට ගොඩ ගත්තේ යැයි ගෙන යන ප්‍රචාරයට පදනම විදේශ ණයක් ලබා ගැනීම බව තහවුරු කර තිබේ.
අලි සබ්‍රිගේ එම ප්‍රකාශයෙන් තහවුරු වී තිබෙන්නේ ගොඩ ගත් බව කියන රට ඩොලර් බිලියන 1.3ක් වැනි සුළු මුදලක් ණය ලෙස නොලැබුණෙහොත් ආපසු කඩා වැටෙන බව ප්‍රකාශ කිරීම විහිළුවක් වන ආකාරයයි.
ඔහු එය සඳහන් කර තිබූ ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගෙන පහත දැක්වේ.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත මීළඟ වාරිකය මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ලබා දෙන වාරිකද අහිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව 2024 දෙසැම්බර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 සිට ඩොලර් බිලියන 1.3 දක්වා මුදලක් මෙරටට අහිමි වන අතර ඒ හේතුවෙන් නැවතත් රට අස්ථාවරත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව ද අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.“
රනිල්ගේ ආර්ථික පොරොන්දු සමාජ මාධ්‍ය තුළ උපහාසයට ලක් වන ආකාරය











