ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ “පුළුවන්“ යනුවෙන් නම් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහෝ ආර්ථික කරුණු හිතාමතාම වසන් කර තිබේ.
එහි 14 වෙනි පිටුවේ 2022 වසර අවසන් වනතුරු රටේ සමස්ත ණය බර ඉදිරිපත් කර ඇති අතර ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණය සැලසුම් සහගතව සඟවා තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ “2022 වනවිට ඩොලර් බිලියන 84ක පමණ ණය කන්දරාවක් අපේ පිට පටවා තිබුණා. ඉනි වැඩි හරිය ගත්තේ පරිභෝජනයට. මේ නිසා අපි වසර දෙකකට කලින් ලෝකයා ඉදිරියේ ම නින්දාවට පත් වුණා. රට සම්පූර්ණයෙන් ම කඩා වැටුණා.“ යනුවෙන් දක්වා ඇත.
එම කරුණු දැක්වීමේ දී 2022 ආරම්භයේ නොව එම වසර අවසන් වන විට ඩොලර් බිලියන 84ක සමස්ත ණය බරක් තිබීම පිළිබඳව ද වසන් කර ඇත. රනිල් වික්‍රමසිංහ යටතේ පසුගිය මාර්තු අවසන් වනවිට ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 16ක් වී ඇත. ඇමුණුම 1 හි දැක්වේ.
එමෙන් ම, ඔහු අගමැති ධුරය දැරූ 2015 – 2019 කාලයේ සමස්ත ණය බර වේගයෙන් වැඩි වූ ආකාරයත් ඊට අනුරූපීව ණය වාරික සහ පොලී ගෙවීම් වේගයෙන් ඉහළ ගිය ආකාරයත් ඇමුණුම 2 හි දැක්වේ.
ඇමුණුම 01

ඇමුණුම 02
රනිල් ජනතාවට බරක් වූ ආකාරය











