අපේ රටට ලේ, කඳුළු වුවමනා නැහැ කියන දේශපාලන ස්ථාවරය සමඟ, මට හිටගන්න පුළුවන් ජාතික ජන බලවේගය සමග පමණක් යැයි ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (28) පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක,
“කලාකරුවන් දේශපාලන පකෂයක් වෙනුවෙන් පෙනීසිටින එක සුදුසු නැති බවට අදහසක් තිඛෙනවා. රටක් යහපත් තත්ත්වයෙන් තිඛෙනවා නම්, අපට අපේ කලාව කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ ඒ විදියේ යහපත් රටක නොවෙයි. මට අවුරුදු තුනක් පමණ වූ පුංචි කාලයේ අපේ කඩේට චේගුවේරාකාරයෝ හොයාගෙන ආව හැටි මතකයි. ඊට පස්සේ 1977 මහා මැතිවරණයෙන් පසුව ලංකාව පුරාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින්, මිනිස් ඝාතන ඇති කළා. ජයග්‍රහණය භුක්ති වින්දේ ඒ ආකාරයෙන්. ඒ කාලයේ ශ්‍රී ලංකා නිදහස් පාකෂිකයකු වූ මගේ තාත්තා ඒ ප්‍රචණ්ඩත්වයට හොඳටම මුහුණ දුන්නා. මේ අත්දැකීම් කටුක වුවත්, දේශපාලන අනුරාගය පුංචි කාලයේ ඉඳලාම මා තුළ තිඛෙනවා.
1988-1989 කාලයේ හිටි රජයේ ඝාතක කල්ලියක් විසින් මගේ තාත්තා පැහැරගෙන ගියා. තාත්තාගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වුණත්, මම දිගටම දැක්කේ දේශපාලනය නිසා මුළු රටක් පීඩාවට පත් වන ආකාරයයි. මීට වඩා යහපත් රටක් වෙනුවෙන් අපි හැමදාම හීන දැක්කා. දේශපාලනය කියන්නේ තමන්ගේ විරුද්ධවාදියා මර්දනය ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. නමුත්, වඩා යුක්තිසහගත රටක් වෙනුවෙන් එකතු වූ, නැඟීසිිටි අපේ තාරුණ්‍යය අවස්ථා දෙකක දී ම ම්ලේච්ඡ විදියට සංහාරයකට ලක් කළා.
මේ පුංචි දූපත සීමාවක් නැතිව ලෙයින්, කඳුළින් තෙත් කළා. සාහිත්‍යවේදිනියක් විදියට මගේ බලාපොරොත්තුව තව දුරටත් අපේ රටට ලේ, කඳුළු වුවමනා නැහැ කියන එකයි. එතැන දී මට හිටගන්න පුළුවන් සහ පෙනීසිටින්න පුළුවන් ජාතික ජන බලවේගය එක්ක විතරයි. යුක්තිගරුක, නිදහස්, නිවහල් පුරවැසියෙක් නිර්මාණය කරන්න පදනම තිඛෙන්නේ සහ අවශ්‍යතාව තිඛෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි කියන විශ්වාසය මට තිඛෙනවා. අවුරුදු හැත්තෑහයක් පවුල් කිහිපයකට උරුම වෙලා තිබුණු දේශපාලන බලය අපේ තරුණ පිරිසට පවරන්න ඕනෑ. ජාතික ජන බලවේගය එක්ක එකතු වී සිටින තරුණ පිරිසට මේ තරම් මඩ ගහන්නේ, අවලාද න`ගන්නේ ජාතික දේහය විනාශ කරන්න ඉඩ නොලැඛෙන මෙතෙක් පාලනය කළ පිරිසගෙන්. මගේ සාහිත්‍ය කලාව තුළින් පොදු ජනතාවගේ හදගැස්ම නියෝජනය කරන දේශපාලනය දිගට ම කරගෙන යනවා. නමුත්, මේ අවස්ථාවේ පෑන පැත්තකින් තියලා, සමාජ පරිවර්තනය වෙනුවෙන් සෘජුව පෙනීසිටින්න අපට සිදු වී තිඛෙනවා. මගේ මේ පෙනීසිටීම හෘදයසාකෂියට එක`ගව ඉතාම ආදරයෙන් සහ ආශාවෙන් සිදු කරනවා”
මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්‍යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී විසිටියහ.











