මරදානේදී ඉන්ධන දුම්රිය පීලි පනියි

මරදානේදී ඉන්ධන දුම්රිය පීලි පනියි

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදුව අතැයිද වාර්තා වේ.

ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිරවී තිබේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Facebook
Twitter
LinkedIn