ඖෂධ 156කට ඉන්දියාවෙන් තහනම්

ඖෂධ 156කට ඉන්දියාවෙන් තහනම්

ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එලෙස තහනම් කිරීමට හේතුව වී ඇත්තේ එම ඖෂධ භාවිතා කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව එම ඖෂධ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වීම බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

මෙසේ තහනම් කර ඇත්තේ බොහෝ දෙනකු මේ වනතුරු සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් වීම කනස්සල්ලට හේතුවක් බවද පැවැසේ.

ඉන්දීය ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ අනුව, ඉන්දීය මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම තහනම් කරනු ලැබුවේ යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn