අද ජනාධිපතිවරණයේ තීරනාත්මක දවසක්

අද ජනාධිපතිවරණයේ තීරනාත්මක දවසක්

සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත මෙරට 09 වන විධායක ජනාධිපති තෝරාපත් කර ගැනීමේ ජනාධිපතිවරණයේ නාමයෝජනා බාරගැනීම අද (15) සිදු කෙරේ.

ඒ අනුව අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරිය, සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

2024 ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාරගැනීම ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු නිකුත් කිරීමද සිදු කරීමට නියමිතය.

නාම යෝජනා පත්‍ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් නිලධාරීන් 1,000ක පමණ පිරිසක් මේ සඳහා යොදවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn