දේශබන්දුට තහනම් නියෝගයක් – කතානායකට මොකද වෙන්නේ?

දේශබන්දුට තහනම් නියෝගයක් – කතානායකට මොකද වෙන්නේ?

පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන අනීතිකව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය කුමක් දැයි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුල් අවස්ථා දෙකකදී දේශබන්දුගේ නම පොලිස්පති ධුරය සඳහා අනුමත නොකළ අතර තුන් වෙනි අවස්ථාවේ කතානායකගේ තීරක ඡන්දය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නීත්‍යනුකූල නොවන ආකාරයට දන්වා යැවීමෙන් එම ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් යම් අවස්ථාවකදී පක්ෂ විපක්ෂ ලෙසින් සමාන සංඛ්‍යාවක් ඡන්දය ලබා දී ඇත්නම් පමණක් තීරක ඡන්දයක් භාවිතා කිරීමේ බලය කතානායකට හිමි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්