පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම සම්බන්ධයෙන් වන ව්යවස්ථානුකූලභාවය පදනම් කරගනිමින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීරණය කරමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාගේ ධුරය අත්හිටුවා තිබේ.
මෙම නඩුව විභාග කර අවසන් වන තුරු අතුරු නියෝගය වලංගු වන බවද ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබේ.
මෙය විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයකි.
Views: 0









