ඉන්දීය යුද හමුදාවට අයත් යුද ටැංකියක් ගඟක් තරණය කරමින් තිබියදී ජලයේ ගිලී යාම නිසා සොල්දාදුවන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව AP පුවත් සේවය වාර්තා කරයි.
මෙම අනතුර සිදුවී තිබෙන්නේ ලඩාක් කළාපයට අයත් ඉන්දු චීන දේශ සීමාව ආසන්නයෙන් ගලා බසින ෂයියෝක් ගංගාවේදී ඊයේ, 29 උදෑසන ය. එම ලංගාවේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම නිසා එම අනතුර සිදුවී ඇත.
මෙම කළාපය තුළ ඉන්දු චීන දේශසීමා අර්බුදය බොහෝ අවස්ථාවල උණුසුම් වේ. දෙරටේම ආරක්ෂක හමුදා විමර්ශනාත්මක උපායමාර්ගික මෙහෙයුම් මෙම කළාපයේ නිරතුරුව සිදු කරයි. එසේ තිබියදී ඉන්දු චීන දේශසීමාව වෙන් කිරීම ආසන්නයේදී ම යුද ටැංකිය ගිලී යාමෙන් සොල්දාදුවන් මිය ගිය බව ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං තහවුරු කර තිබේ.
784










