ග්‍රීක දූපතකදී අතුරුදන් වූ මෝස්ලි ගේ සිරුර හමුවෙයි

ග්‍රීක දූපතකදී අතුරුදන් වූ මෝස්ලි ගේ සිරුර හමුවෙයි

ග්‍රීක දූපතකදී අතුරුදහන්ව සිටි බ්‍රිතාන්‍යයේ ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ප්‍රකට විද්‍යා සන්නිවේදකයෙකු වන මයිකල් මෝස්ලිගේ සිරුර හමුවී තිබේ.

විනෝද සංචාරයක් අතරතුර එම දූපතට ගොස් ඇති මෝස්ලි මීට දින කිහිපයකට පෙර අතුරුදන් වී තිබිණි.

ඔහු මියයනවිට ඔහු 67වන වියේ පසු වූ ඔහු සිව් දරු පියෙකි.

ඔහු පසුගිය බදාදා අජියෝස් නිකොලාඕස් (Agios Nikolaos) වෙරළ තීරයේ සිට ඉදිරියට ඇවිදයාමෙන් පසු අතුරුදහන් වී තිබිණි. ඉන් පසු ඔහුගේ සිරුර ඊයේ (09) ඉරිදා අජියා මරීනා බීච් බාර් (Agia Marina beach bar) අසළ කඳු බෑවුමක තිබී සොයා ගෙන තිබිණි.

ඔහුගේ බිරිඳ ආචාර්ය ක්ලෙයාර් බේලි මොස්ලි මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ “අපි ඇදහිය නොහැකි තරම් වාසනාවන්ත ජීවිතයක් ගත කළා” යනුවෙනි. පි එකිනෙකාට බොහෝ සේ ආදරය කළා. අපි එකට සතුටින් සිටියා. ලොව පුරා මිනිසුන්ගේ ආදරය ගලාඒමෙන් මහත් සැනසීමක් ලබනවා.

BBC හි වැඩසටහන්වල අන්තර්ගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන නිලධාරි චාලට් මුවර්, මයිකල් මෝස්ලිගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පල කරමින් පවසා ඇත්තේ “ඔහු අති දක්‍ෂ විද්‍යා විකාශකයෙක් සහ වැඩසටහන් සම්පාදකයෙක්. වඩාත් සංකීර්ණ විෂයයන් සරල කිරීමට සමත් වූවෙක්. ඔහු ප්‍රේක්ෂකයින් ආකර්ශනය කර ගැනීමටත් ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබා දීමටත් දැඩි උනන්දුවක් දැක්වූවෙේ. සෞඛ්‍ය සම්පන්න, පූර්ණ ජීවිතයක් ගත කිරීමට අප සියල්ලන්ම පොළඹවන ලද්දෙක්.” යනුවෙනි.

එමෙන්ම Trust Me, I’m A Doctor හි සම ඉදිරිපත් කරන්නිය වන Dr. Saleyha Ahsan, මයිකල් මෝස්ලිගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පල කරමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ජාතික වස්තුවක්. විශාල දක්ෂ මිනිසෙක්” බවයි.

පුළුල් ප්‍රේක්ෂක පිරිසකට විද්‍යාව පැහැදිලි කිරීමට ඇති මයිකල් මෝස්ලිගේ ආශාව ප්‍රශංසනීය බව සඳහන් කරන ඇය, ඔහු එය නිශ්චිත විද්‍යාත්මක සමූහයකට පමණක් නොව ඕනෑම කෙනෙකුට සහ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි බවට පත් කරන්නෙකු යැයිද සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn