යළි පිබිඳීම වෙනුවට යළි විකිණීමට කමිටුවක්!

රජය සතු ලාභ ලබන ආයතන රැසක් ඉදිරියේදී පෞද්ගලීකරණය (විකිණීම) කිරීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත් ඇති බව වාර්තා වේ.

මෙම කමිටුව මගින් ඉදිරියේදී ලිත්‍රෝ ග්‍රෑස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල් යන ආයතනය විකිණීම වෙනුවෙන් අවශ්‍ය සොයා බැලීම් සිදුකිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීමටද නියමිත බව පැවසේ.

ආණ්ඩුව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ලාභ ලබන මෙම ආයතන විකුණා දැමීමට සැරසෙන අතර 2016 වර්ෂයේ අයවැය පරතරය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn