පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් වෙනුවට වාහන

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් වෙනුවට වාහනයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

 

පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා මේ බව අනාවරණය කර ඇති අතර ඉදිරි සතියේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය. ඒ අනුව මීට පෙර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වූයේ තීරු බදු රහිතව සුඛෝපභෝගී වාහනයක් ලබා ගැනීමට බලපත්‍රය අහෝසි වී යයි.

Facebook
Twitter
LinkedIn