රනිල් වෙනුවෙන් ඇමතිලා ගෙන යන සටන බොරුවක්

රනිල් වෙනුවෙන් ඇමතිලා ගෙන යන සටන බොරුවක්

කම්කරු ඇමති මනූෂ නානයක්කාරගේ අතාර්ථික සහ මුළුමනින් ම අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම හමුවේ ආණ්ඩුව සහයෝගී නිහඬතාවයක සිටින අතර වතු සමාගම් හිමියන් සංවිධානාත්මක විරෝධයකට එළඹී තිබේ.

ජූනි මාසයේ සිට දෛනික වතු කම්කරු වැටුප රුපියල් 1,700ක් ලබා නොදෙන්නේ නම් එම වතු රජයට පවරා ගන්නා බවට මනූෂ නානයක්කාර තර්ජනය කර තිබිණි. එයට පිළිතුරු ලෙස වතු සමාගම් හිමියන්ගේ සංවිධානය එම වැටුප ලබා නොදෙන බව අවධාරණය කර ඇත. එමෙන් ම ඔවුන් සඳහන් කර ඇත්තේ දිනකට රුපියල් 1,350ක් පමණක් ලබා දෙන බව ය.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් වික්‍රමසිංහ වතු ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා මැයි රැලියේදී රුපියල් 1,700ක දෛනික වැටුපක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද, ඉන් පසුව මේ දක්වා ම ඔහු ඒ පිළිබඳව නිහඬව සිටී. එහෙත් වතු ජනතාව මුල් කර ගත් ඡන්ද මගඩිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇමතිවරු ගණනාවක් වහසි බස් දොඩවන අතර වතු ජනතාවගේ ජීවිත මත අසීමිත ආර්ථික පීඩනයක් පැටවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්