ජනතාව මත අසීමිත පීඩනයක් එල්ල කරමින් මහජන මුදලින් තම නාස්තිකාර ජීවිතවල බර ද ජනතාව මත පැටවූ මැති ඇමතිවරුන් පිළිබඳව සංවාදයක් ජාතික ජන බලවේගය විසින් සමාජ ගත කර තිබිණි.
විශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඒ පිළිබඳව කරුණු සහිතව තොරතුරු හෙළි කළ එක් අවස්ථාවක් ලෙස හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ රුපියල් එක් කෝටි විසි ලක්ෂයක විදුලි බිල සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබේ. මන්ත්රී විජිත හේරත් 2022 පෙබරවාරි 24 වෙනි දින ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.
සෞඛ්ය ඇමති ලෙස කෙහෙළිය රඹුක්වැල්ල යටතේ සිදු කර තිබූ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පොහොට්ටු පක්ෂය ප්රමුඛ මන්ත්රීවරු එම යෝජනාවට විරුද්ධව ඡන්දය දී කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කර ගන්නා ලදී. ඔහු මේ වනවිට ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.










