රාජ්‍ය බැංකුවලින් කාර්ය මණ්ඩල ඉවත් කිරීම අරඹයි

රාජ්‍ය බැංකුවලින් කාර්ය මණ්ඩල ඉවත් කිරීම අරඹයි

රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව දිගින් දිගටම කතා කරන ආණ්ඩුව එම බැංකුවල කර්ය මණ්ඩල අඩු කිරීම ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙල යටතේ ආරම්භ කර තිබේ.

ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලය මේ සඳහා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මුලින් ම තෝරා ගෙන තිබේ. 2019දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිපාලනයට යටත් කරන ලද ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ කාර්ය මණ්ඩල ස්වේචඡාවෙන් විශ්‍රාම ගැන්වීම එහි ආරම්භක පියවර වේ.

මේ අතර රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට බව පවසමින් වෙනම ම ක්‍රියාවලියක් දියත් කිරීමට ද යෝජනා කර ඇති අතර එම බැංකුවල හිමිකාරීත්වයෙන් 20%ක් කොළඹ කොටස් වෙළඳපොලේ විකිණීමේ යෝජනාවක් ද මේ වනවිටත් ඉදිරිපත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn