රනිල්, සජිත් දෙදෙනාටම ෆොන්සේකාගෙන් ප්‍රහාර

රනිල්, සජිත් දෙදෙනාටම ෆොන්සේකාගෙන් ප්‍රහාර

සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලූ ජනතාවට දිගින් දිගටම සුපුරුදු ආකාරයට බඩු බෙදමින් දේශපාලනය කිරීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සජිත් ප්‍රේමදාසට මහ රනිල් වික්‍රමසිංහට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

ඔහු මෙම ප්‍රහාරය එල්ල කළේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද අධිකරණය ඉදිරියට ගෙන ගොස් විභාග කෙරෙමින් තිබෙන අවස්ථාවේදී ය. මේ සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ අධිකරණයෙන් පිටටත පැමිණි අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් සරත් ෆොන්සේකා එම ප්‍රහාරය එල්ල කරනු ලැබීය.

“පරණ පුරුදු ආකාරයට ම ජනතාවට නොයෙකුත් දේවල් බෙදමින් තරඟෙට යනවා. මේ බෙදීමට යට වුණොත් ජනතාවට පරණ පුරුදු විදිහටම දුක් ගැහැට විඳගෙන ජීවත් වෙන්න වේවි. ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. මේ ගොල්ලෝ කරන්නේ බඩු බෙදන එක“ යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn