මැයි දින රැලියෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීවීම අනිවාර්ය කර තිබෙන රැස්වීමක් අද (07) පෙරවරුවේ හදිසියේ යොදා ගෙන ඇති බව වාර්තා වේ.
බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ කාර්යාලය වෙත පැමිණෙන ලෙස මෙම කැඳවීම කර තිබේ. බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙදෙනාගේ මූලිකත්වයෙන් එම මන්ත්‍රී රැස්වීම පවත්වන අතර ඉදිරි තීරණාත්මක දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
2,673










