මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මුල් පෙලේ ප්‍රචාරකයෙකු වී සිටින ඇමති ප්‍රසන්න රණතුංග 2019 අප්‍රේල් මස 24 වෙනි දින පාර්ලිමේන්තුවේ පවත්වන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී දැඩි ප්‍රහාරාත්මකව අදහස් පළ කර තිබිණි.
ඔහු ඉතා පැහැදිලිව අවධාරණය කර තිබුණේ බුද්ධි තොරුතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව ජනාධිපති, අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුව වගකිව යුතු බව ය. ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස 2019න් පසුව ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් පාලන සමය තුළ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරවා ගැනීමට හඬක් නොනැගූ අතර වර්තමානයේ ද ඒ පිළිබඳව නිහඬව සිටී.
Views: 0










