වත්මන් හවුල් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් මේ වනවටි අමාත්‍යංශ මට්ටමින් කරළියට එමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක මහ බැංකුවේ එජාප හා ශ්රීලනිපය නියෝජනය කරන කණ්ඩායම් අතර ගුටිබැට හුවමාරුවකින් ආරම්භ වූ මෙම තත්වය මේ වනවිට අනෙකුත් අමාත්‍යංශ දක්වා වර්ධනය වී තිබේ.
මේ වනවිට හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් සිටින අමාත්‍යංශ තුළ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති හරහා මෙම ගැටුම් ප්‍රකාශයට පත් වෙමින් තිබේ. ප්‍රවාහන හා ගුවන් සේවා, සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, කර්මාන්ත හා වාණිජ ඇතුළු ශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් ඇමති ධූර දරන අමාත්‍යංශ තුළ මෙම ගැටුම් බරපතල ලෙස උත්සන්න වීමට පටන් ගෙන ඇත.
ඊට අමතරව ශ්‍රිලනිප ඇමතිවරයා යටතේ සිටින එජාප නියෝජ්‍ය ඇමතිවරුන්ද මෙන්ම එජාප ඇමතිවරයා යටතේ සිටින ශ්‍රිලනිප නියෝජ්‍ය ඇමතිවරුන් අතරද මෙම ගැටුම ප්‍රකාශයට පත් වීමට පටන් ගෙන තිබේ. පසුගියදා මත්තල ගුවන්තොටුපළේ ගබඩා කර තිබෙන වී තොග සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා හරහා ඊට පෙර හම්බන්තොට දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ඇමතිවරයා හරහාද ප්‍රකාශයට පත් වූයේ මෙම අභ්‍යන්තර අර්බුදය බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









