නවක මන්ත්‍රීවරු 35ක් ගිනිඅවි ඉල්ලයි

අටවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 33 දෙනෙකු හා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සිය පුද්ගලික ආරක්ෂාව සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු සේවා කාර්යාලයට ලිපියක් බාර දෙමින් ඉල්ලා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙන්ම තමන්ටද රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ලබා දෙන ලෙසය. තමන්ට ලබා දීමට සූදානම් වන රිවෝල්වර පරණ ඒවා බවද ඔවුන් එම ලිපියේ සඳහන් කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn