ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ආර්ජන්ටිනාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර අද (25) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි. ප්‍රබල නවසීලන්ත හා දකුණු අප්‍රිකා කණ්ඩායම් දෙක අතර පැවැති පළමු අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 20-18ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.
ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලැබූ සිව්වන අවස්ථාව මෙය වන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවරක් රග්බි ලෝක ශූරයන් බවට පත් විය. අද පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අවසන් මහා තරගය මේ මස 31 වැනිදා පැවැත්වේ. තුන්වැනි ස්ථානය සඳහා වන තරගය අද පරාජයට පත් වන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග මේ මස 30 වැනිදා පැවැත්වේ.
Views: 0









