ලොව පුරා කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරණ පාස්කු දිනය අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරණ පාස්කු දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවෝ සමරනු ලබති. එමෙන්ම ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමයද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙයි.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ ජේසුස් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන්ය.

පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ද ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන ආගමික වැඩසටහනකි.

ලංකාවේ පාස්කු ඉරිදා දිනයට පසුගිය 2019න් පසු ඛේධවාචකයක්ද ඉතුරු කර ඇති අතර ඒ එ් 2019 වසරේ පාස්කු ඉරු දින කතෝලික පල්ලි ඉල්ලක්ක කර බෝම්බ පුපුරුවා හැරීමේ සිදුවීම හේතුවෙනි. එම ත්‍රස්ත සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිසි පරිදි යුක්තිය ඉටු වී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්