ගෝඨාගේ ගෙවල්වල ඉඩ මදිලු

1981 වසරේ ලබා දුන් කොළඹ 14 ප්‍රදේශයේ නිවාසනවල ස්ථිර ලෙස පදිංචිව සිටි පවුල් 60ක් ඉවත් කර ඒ අසළ සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ ලබා දුන් නිවාසවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් ගැටලු රැසකට මුහණපාන බව ජනතාව පවසයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක හා නාගරික සංවර්ධණ ආමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීම මත සිදුකරනු ලැබූ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ සිදුකළ සංවර්ධන කටයුතු කිහිපයක් හේතුවෙන් තමන්ව ඉවත් කෙරුණ බව එම ජනතාව පවසයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ, කඩා දැමූ නිවාස වෙනුවට දුන් සිරිමුතු උයන නිවාස සංකීර්ණයේ අවශ්‍ය පමණට ඉඩ පහසුකම් සහ යටිතල පහසුකම් නොමැති බව ය.

ඒ හේතුවෙන් මේ වනවිටත් පැරණි නිවාසවල පිරිසක් පදිංචිව සිටින අතර එහි ඇතැම් නිවාස කඩා දමා තිබේ.

පසුගිය පාලන සමයේ ඉතාමත්ම බලහත්කාරී ලෙස හිතුමතේ නිසාව කඩා දමමින් ජනතාව අපහසුතාවයට පත්කරමින් ජනතා හිතවාදී නොවන ලෙස සිදුකරගෙන ගිය ජනතාව සිය නිවාසවලින් ඉවත් කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික එවකට නාගරික මත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා ජනතාව සංවිධානය කරමින් ඉතා විශාල විරෝධතා ව්‍යාපාරයක් ගෙනගිය අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාවට අහිමිවීමට ගිය සහනයන් දිනාගැනීමට හැකි විය.

Facebook
Twitter
LinkedIn