ජනපති-NTUC සාකච්ඡාවේදී විශේෂ ගැටළු 7ක් පිළිබඳ අවධානය

අද (14) ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීයසමිතිවල නායකයින් 91ක්දෙනෙකුගේ පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී වැඩකරන ජනතාවට බලපාන ප‍්‍රධානඉ ල්ලීම්හතක් (7) ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළ බව ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝරලේ ආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව සඳහන් කර ඇති අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසෙද සඳහන් වේ.

“රාජ්‍යසේවක දීමනා මූලික වැටුපට එකතු කිරීම හා රජයේ සේවකයින්ගේ දේපල ණය, ආපදා ණය, අග‍්‍රහාර රක්‍ෂණය කප්පාදුව නතර කිරීම, රාජ්‍ය සේවකයින් ඡන්දය භාවිතාකිරීමේදී විද්වත් ක‍්‍රමවේදයක් සකස් කිරීම, පෞද්ගලික අංශයේ රුපියල් 2500/- වැටුප් වැඩි කිරීම නීතිගත කර ගැනීම, රු. 280/- ජීවනාංකය ගැසට් කිරීම, මෑන් පවර් කොන්ත‍්‍රාත් සේවකයින් ස්ථිර කිරීම, වතු කම්කරු දෛනික වැටුප් සඳහා රු. 1000/- කිරීම, වතු කම්කරුවන්ගේ ඉඩම් සහනිවාස ප‍්‍රශ්ණයට විසඳුම් ලබාගැනීම යන ප‍්‍රශ්ණ 7 මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර වෘත්තීයසමිති නායකයින් විසින් පුළුල් ලෙස ජනාධිපතිවරයා වෙත කරුණුදක්වන ලදී.

ජනාධිපතිවරයා මේසම්බන්ධයෙන් අවධානය යොමු කළත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකිවිසඳුමක් සාකච්ඡාවේදී ලබාගත නොහැකිවිය.

මේසම්බන්ධව තවදුරටත් කරුණු සොයා බලා විසඳුමක් ලබාදීම සඳහා නැවත සාකච්ඡාවක් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟ විය.”

Facebook
Twitter
LinkedIn