අවි නැව ගැන පරීක්ෂණ ත්‍රිපුද්ගල කමිටුවකට

පසුගිය පස්වන දින ගාලු වරායට ආසන්න මුහුදේ දී ගිනිඅවි සහිතව මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඇවන්ගාර්ඩ් නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් මූලික පරීක්ෂණයක් සිදුකර ඊට අදාළ වාර්තාව මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදී ඇති බවත් වදුරටත් ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් හරහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ආරක්ෂක ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

පරීක්ෂණ අවසන්වන තුරු එම නෞකාව මුදා නොහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නාවික හමාදුවට දන්වා ඇතැයිද පැවසේ.

කෙසේ නමුත් එම නෞකාව සමිබන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතින අවස්ථාවේ එම නෞකාව මුදාහරින ලෙස ආරක්ෂ ආමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ලිඛිත දැනුම්දීම සම්බන්ධයෙන් මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

ඇවන්ගාර්ඩ් නෞකාව කපිතාන්වරයා විසින් ලබාදුන් තොරතුරු සාවද්‍යය බැවින් නාවික හමුදාව විසින් අදාළ නෞකාව සහ එහි කාර්යය මණ්ඩලය සිය බාරයට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn