වව්නියාව DIG යටතේ සිටි සැරයන් අතුරුදන්

වව්නියාව – කුඩාකච්චිය ප්‍රදේශයේ නිධන් හාරන ලද පිරිසක් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ එම ප්‍රදේශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අගෝස්තු මස 7 වන දා සිට අතුරුදන් බව ඔහුගේ බිරිඳ ඊයේ (11) දිනයේ සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබේ.

එම පොලිස් සැරයන්වරයා වව්නියාව දිසා වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කර ඇති අතර නිධන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක්ද ලබා දී තිබේ. එම ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඔහු බලවත් සිත් තැවුලකින් පසුවූ බවත් ඔහුට කිසියම් කරදරයක් වී ඇතැයිද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතින බවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සැරයන්වරයාගේ බිරිඳ ප්‍රකාශ කර තිබේ.

නිධන් හෑරීමට අනුබල දුන් නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක මේ මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර අතුරුදන් පොලිස් සැරයන්වරයා සොයා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Facebook
Twitter
LinkedIn