රංගන හේරත් ක්‍රිකට්වලට සමුදීමට සූදානම්!

ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශිෂ්ඨ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග ප්‍රකාශ කර තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ වයසත් සමග දක්ෂතා අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි වීමත් පසුගිය කාලය පුරා ඇති වූ අබාධ තත්වයන් හේතුවෙන් මෙම තීරණය ගන්න බවය.

මේ වනවිට 37 වන වියේ පසුවන රංගන හේරත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නාය. මේ වනවිට ටෙස්ට් තරග 63කදී ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 278ක් කි. එක්දින තරග 71 කදී කඩුලු 74 ක් ද, පන්දුවාර විස්ස තරග නවයකදී කඩුලු 12 ක් ද හේරත් විසින් දවා ගනු ලැබ තිබේ.

2016 වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සිය ක්‍රිකට් දිවියෙන් සමු ගන්නා බවත් එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn