හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමේදී මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනත උල්ලංඝනය කරමින් කටයුතු කළේ කාගේ වුවමානවකටදැයි යන්න සම්බන්ධයෙන් නීති ක්ශේත්‍රයේ විශාරදයින් තුළ විමසිල්ලකට ලක්ව ඇතැයි වාර්තා වේ.
ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් නොකර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය උසාවි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (08) සිදු කර ඇති ප්‍රකාශත් සමග නීති ක්ශේත්‍රයේ විශාරදයින් මෙසේ සම් විමසිල්ලකට ලක්ව ඇත.
කොල්ලුපිටිය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති හා බස්නාහිර පළාත් සහකාර පොලිස් අධිකාරිට නොතීසි නිකුත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනතේ වගන්ති උල්ලංඝනය කිරීම පිළිබඳව නොවැම්බර් 5 වැනිදාට පෙර හේතු දක්වන ලෙසද මහේස්ත්‍රාත් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.
පිටරට ගමන් තහනම් කරමින් අනූෂ පැල්පිටට එරෙහිව පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කකරමින් ප්‍රකාශ කර ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන දේපළ පනත හතුමතේ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවය.
නීතිය කඩකළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය තමා ඉදිරියට පැමිණ පැල්පිටගේ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලන බවද පැල්පිට අධිකරණයට පවා පැමිණ නොසිටි බවද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කිසිම ලියවිල්ලක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර නැති බවද මහේස්ත්‍රාත් දැඩි සේ ප්‍රකාශ කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් විසිපන්දහසකට (රු. 25,000) වැඩි වංචා සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නැත්නම් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ යුතු බව මහජන දේපළ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවයි.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය එම පිළිවෙතින් බැහැරවී වීරතුංග හා පැල්පිට මහාධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදී ඇතැයිද අතිරේක මහේස්ත්‍රාත් සඳහන් කර තිබේ.
ඔවුන් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් නොකළේ ඇයිද යන්න එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර ඇත.
පොලිසියේ මේ ක්‍රියා කලාපය උසාවියට අවමන් කිරීමක් යැයිද නීතිය අනුව ක්‍රියාකිරීමට නීතිපති පොලිසියට මග පෙන්විය යුතුයැයිද මහේස්ත්‍රාත් අවවාද කර තිබේ.









