ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්රචාරක කටයුතු ආරම්භ කරමින් රැලියක් පවත්වන අකිල විරාජ් කාරියවසම් ලබන 10 වෙනි දින නව හැඳින්වීමක් ලබා දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
“සැබෑව“ යනුවෙන් නම් කර තිබෙන මෙම රැලියේදී රනිල් වික්‍රමසිංහ “නිර්පාක්ෂික පොදු අපේක්ෂක“ යනුවෙන් නව හැඳින්වීමකින් කලඑලි දැක්වීමට නියමිත ය.
නිර්පාක්ෂික අරගලකරුවන් යනුවෙන් නම් කරමින් ගෝල්ෆේස් පිටියේ පැවති මහජන අරගලය තුළ මෙනමින් හඳුන්වා ගත් කණ්ඩායමක් සිටියහ. රනිල් වික්‍රමසිංහගේ ප්රචාරක ව්‍යාපාරය සඳහා එම හැඳින්වීම ආදේශ කිරීම අකිල විරාජ් කාරියවසම්ගේ සැලැස්ම වී තිබේ. රවී කරුණානායක ප්රමුඛ පිරිසක් රනිල් වික්‍රමසිංහ “පොදු අපේක්ෂකයා“ යනුවෙන් මෙයට පෙර නම් කර තිබිණි. අකිල විරාජ් කාරියවසම් තව දුරටත් ඉදිරියට යමින් “නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා“ යනුවෙන් නම් කර ඇත.
රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙනු ලබන එක්සත් ජාතික පක්ෂය 2020 අගෝස්තු 05 වෙනි දින පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී සමස්ත ප්‍රතිඵලයෙන් ලබා ගෙන තිබෙන්නේ ඡන්ද 249,435 ක් එනම් 2.15%ක් පමණි.










