රම්‍යා නිහඬවම රඟමඩලින් බැස ගියාය

රම්‍යා නිහඬවම රඟමඩලින් බැස ගියාය

ක්ෂේත්‍ර කිහිපයක ම ප්‍රවීණ කලාකාරනියක වූ රම්‍යා වනිගසේකර දිවි රඟමඩලින් සමු ගත්තාය.

විශේෂයෙන් ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක හා ගුවන් විදුලි නාට්‍යවල චරිතාංග ශිල්පිණියක වූ ඇය ඉන් පසුව ටෙලි නාට්‍ය කලාවට ද පිවිසියා ය. පසු පරම්පරාවේ කලාකාරනියන් සහ කලාකරුවන් අතර ආදාරය දිනා ගනිමින් කටයුතු කිරීමේ සුවිශේෂි කලාකාරනියක් ලෙස ඇය හැඳින්වීය.

ඇයගේ දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා බොරැල්ලේ රේමන්ඩ් මල් ශාලාවේ ඉරිදා (මාර්තු 10) සවස 2 දක්වා තැන්පත් කර ඇත. අවසන් කටයුතු සවස 03ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn