කෝප් කමිටුවේ නව සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධන යෝජනා කර තිබෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ වන අතර එය ස්ථීර කර ඇත්තේ සංජීව එදිරිමාන්න බව අනාවරණය වේ.
මේ අතර විපක්ෂය වෙනුවෙන් ගාමිණී වලේබඩගේ නම හේෂා විතාරණ ඉදිරිපත් කර ඇති අතර ඩිලාන් පෙරේරා එය ස්ථීර කර ඇත. මේ නිසා සභාපති ධුරයට පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර වැඩි ඡන්දයෙන් රෝහිත අබේගුණවර්ධන තෝරා පත්කර ගනු ලැබීය.
මේ පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන් මත පළ කරමින් ප්රකාශ කරන්නේ පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධනලා ඇතුළු පිරිස රනිල් වික්රමසිංහව ජනාධිපති ලෙස තෝරා ගත් පසුව ඔහු පෙරලා පොහොට්ටු පක්ෂයේ එම පිරිස ආරක්ෂා කරමින් සිටින බව ය.
Views: 0










