බැසිල් ආම්බාම් කරන්න රනිල්ගෙන් මෙහෙයුමක්

බැසිල් ආම්බාම් කරන්න රනිල්ගෙන් මෙහෙයුමක්

මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ ඉදිරියේදී ගනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි විමර්ශනයක යෙදීම සඳහා අංශ ගණනාවක් යොදවා ඇති බව අනාවරණය වේ.

මේ අතරින් මූලික වී තිබෙන්නේ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ මෙහෙයවීම යටතේ බුද්ධි අංශ විමර්ශන දියත් කිරීමයි. බැසිල් රාජපක්ෂ සමග ඍජු සම්බන්ධතා පවත්වන පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19 දෙනෙකු සම්බන්ධයෙන් මෙම විශේෂ විමර්ශනය සිදු කිරීමට නියමිත ය.

ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 06 වෙනිදා හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ද පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුට සහයෝගය දෙන මන්ත්‍රීවරුන් මත තව දුරටත් බලපෑම දැඩි කිරීමට බව හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn