මෛත්‍රීට තවත් පරිපූරකයක් – මුදල රුපියල් කෝටි 18යි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව නිල නිවස පරිශ්‍රය නවීකරණය කිරීම සහ ගොඩනැඟිලි ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 18ක මුදලක්‌ අනුමත කරන ලෙස ඉල්ලා ආණ්‌ඩුව ඊයේ (06) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර ඇත.

ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ජනාධිපතිවරයාගේ වියදම් ලෙස රුපියල් දහඅට කෝටි හයලක්‍ෂ අසූඅට දහසක (රු. 180,688,000) මුදලක්‌ ලබා ගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කළේය.

කොළඹ පැජට්‌ වීදියේ අංක සී 61 සහ සී 62 යන ස්‌ථානයේ පිහිටි ජනපති නිල නිවස පරිශ්‍රය නවීකරණය සහ පුනරුත්ථාපනය වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් නවකෝටි හැටතුන් ලක්‍ෂ අනූ එක්‌දහසක්‌ද (රු. 96,391,000) එම නිල නිවස පරිශ්‍රයේ ගොඩනැඟිලි ඉදිකිරීමට රුපියල් අටකෝටි හතළිස්‌ දෙලක්‍ෂ අනූහත්දහසක්‌ද (රු. 84,297,000) ඉල්ලා ඇත.

ආශ්‍රිත පුවත්

මෛත්‍රීට කෝටි 7ක වාහන

Facebook
Twitter
LinkedIn