පරාජය හමුවේ ඉන්දියානුවන් කුපිත වේ

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි 20 තරගාවලියේ ඊයේ (05) පැවැති දෙවන තරගයේදී ඉන්දියානු කණ්ඩායම පරදවා දකුණු අප්‍රිකානු කණ්ජයම ජයග්‍රහණය කිරීමට ආසන්න වත්ම ප්‍රකෝපකාරී වූ ඉන්දීය ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයට වතුර බෝතල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රකෝපකාරීව හැසිරී තිබේ.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක ඉන්දියාවට ලබා දුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 17 පන්දු දෙකකදී සියලු දෙනාම ලකුණු 92කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය. ඉන්දියාව වෙනුවෙන් ලකුණු 22 බැගින් සුරේෂ් රෙයිනා හා රෝහිත් ෂර්මා ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානුවන් හමුවේ නොහැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් වේගවත් අරම්භයක් ලබා ගනිමින් 12 වන පන්දුවාරයේ ක්‍රිඩා කරමින් සිටියදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ඉන්දීය ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයට වතුර බෝතල් ප්‍රහාර එල්ල කළේය. ඉන්පසුව තරග නතර කළ අතර ප්‍රේක්ෂකයින් සන්සුන් වූ පසු ව නැවත තරගය ආරම්භ කළේය. දකුණු අප්‍රිකානුවන් කඩුලු 4ක් දැවී පන්දුවාර 17 පන්දු එකකදී ලකුණු 96ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ජේ.පී. ඩුමිනි පන්දු 39කදී ලකුණු 30ක් ඒ.බී.ඩී. විලියස් ලකුණු 19ක්ද ලබා ගැනීමට සමත් විය. තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් විය.

Facebook
Twitter
LinkedIn