ඇමති හකීම් සෞදියේදී ඝාතනය කළ රිසානාගේ පවුල රැවටුවේ ඇයි?

බාල වයස්කාරියක් ලෙස සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ගෙල සිඳ මරණ දඬුවම පැමිණවූ රිසානා නාෆික්ගේ මව්පියන් මුදල් නොමැති ගිණුමක චෙක් පතක් ලබා දීම එවකට අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කළ රවුෆ් හකීම් මහතා මේ වනතෙක් නිවැරදි කර නොමැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදෙස් රටවලද කතාබහට ලක්වූ රිසානා නාෆික් දැරියගේ ඝාතනයෙන් පසුව අන්ත දිළිඳු තත්වයක සිටී එම පවුල වෙත නිවසක් ලබා දීමට කටයුතු කළ අතර ඒ වෙනුවෙන් පැවැති උත්සවයේදී එවකට අධිකරණ ඇමතිවරයා වූ රවුෆ් හකීම් මහතා රුපියල් ලක්ෂයක චෙක් පතක් රිසානා නාෆික් දැරියගේ දෙමවුපියන් වෙත ලබා දී තිබේ.

පසුව ඔවුන් එම චෙක්පත බැංකුවට ඉදිරිපත් කළ විටදී තහවුරු වී ඇත්තේ චෙක්පතට අදාළ ගිණුමේ මුදල් නොමැති බවය. ඒ පිළිබඳව ඇමතිවරයාට දැනුම් දීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොළඹට පැමිණ අදාළ මුදල් ලබා ගන්නා ලෙසය. එම මුදල ලබා ගැනීමට කොළඹට පැමිණිය නොහැකි බව ඇමතිවරයාට දන්වා තිබීමෙන් පසුවදී වුවද  එම මුදල ලබා  මේ වන තෙක් කටයුතු කර නොමැත.

රිසානා දැරියගේ මරණය තමන්ගේ දේශපාලන වාසියට හරවා ගත් එම දේශපාලඥයින් මුදල් නොමැති ගිණුම්වල චෙක්පත් ලබා දී එම පවුල රැවටීමට ලක් කර ඇති බවට මේ වනතෙක් එම මුදල් ලබා නොදීම තුළින් තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn