දක්ෂිණ අධිවේගයේ අලුත් වැඩියාවට කෝටි 5ක්!

දක්ෂිණ අධිවේගයේ නාය යෑමට ලක්ව ඇති ප්‍රදේශය නැවත අලුත්වැඩියා කර විවෘත කිරීමට රුපියල් කෝටි 5ක් පමණ වැය වෙතැයි නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමතිවරයා පැමිණි අවස්ථාවේදී නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අසල  මීටර් 60ක් පමණ උස කන්දක් මෙලෙස නායා යෑමට ලක්වී තිබේ. එම කන්ද දක්ෂිණ අධිවේගී මාර්ගය සකස් කරන විට කොන්ක්‍රීට් යොදා සකස් කර ඇති අතර එම කොටස්ද ගලවාගෙන කන්ද පහළට පැමිණ ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකළ සමාගම්වලින් එම මුදල අය කර ගැනීමට සූදානම් වන බව පැවසේ. මාර්ගයේ එම කොටස විවෘත කිරීම පිළිබඳව මේ වනතෙක් කිසිදු ප්‍රකාශය සිදු කළ නොහැකි බව නියෝජ්‍ය ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn