ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරය ඉහළට

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 38%ක් භුක්ති විඳින්නේ ධනවත්ම 10% බවත් දිළිඳුම ජනතාවගෙන් 10% භුක්ති විඳින්නේ සමස්ථ ආදායමෙන් 1.5% ක් බවත් එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්ක දැක්වෙන ප්‍රගති වාර්තාවේ සඳහන් වේ.

දිළිඳු ජනතාව අඩුම කොළඹ දිස්ත්‍රික්කයේ බවත් දරිද්‍රතාවය වැඩිම දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කයේ බවත් එම වාර්තාවේ දක්වා ඇති අතර ශ්‍රී ලංකාවේ ආදායම් බෙදී යාමේ විෂමතාවය මේ වනවිට උග්‍ර වී ඇති බව එහි  වැඩි දුරත් දක්වා තිබේ.

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පහළ ගිය බවට පැවති රාජපක්ෂ පාලනය කෙතරම් ප්‍රකාශ කළද සිදුව ඇත්තේ දිළිඳු ජනගහනය දිනෙන් දින ඉහළ යෑම හා ධනවත්ම පිරිස අතරට ධනය ඒකරාශී වීම වැඩි වීම බව මෙම වාර්තාව තුළින් තහවුරු වීමයි.

සිය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි ජනගහණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එම තත්වය රටතුළ අපරාධ, දූෂණ, මංකොල්ලා කෑම්  වැඩි වීමට  සෘජුව බලපාන සාධකයක් බවට පත්ව තිබෙන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn