ඉතියෝපියාවෙත් 4.5%ක් වෙන් කරද්දී අපේ සංවේදී නායකයා අධ්‍යාපනයට දෙන්නේ 1.8%යි – දඹර අමිල හිමි

රටක ආගම ධර්මයටත් වඩා ප්‍රමුඛ ස්ථානය ලැබිය යුත්තේ දැනුම හා අධ්‍යාපනයටයි. කෙතරම් දුෂ්කරතා තිබුණත් ලෝකයේ බොහෝ රටවල් දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කරනවා. කියුබාවේ 8.5%ක්, ඇමෙරිකාවේ 5.6%ක්, ඉන්දියාවේ 4.1%ක්, ආදී ලෙසයි. දේශගුණයේ හා භූගෝලීය සාධකවල අවාසනාවෙන් අතිශය පීඩාවට පත්ව සිටින ඉතියෝපියාවෙත් 4.8%ක් වෙන්කරනවා. ඒත් අපේ සංවේදී යැයි කියාගන්නා නායකයා වෙන් කරන්නේ 1.8%යි. මේ පිළිබඳව ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි පැවසීය. එම ව්‍යාපාරය මගින් zනිදහස් අධ්‍යාපන අයිතිය සුරක‍ෂිත කරනුZ මැයෙන් ඊයේ අනුරාධපුර නගරයේදී පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

සම්මන්ත්‍රණය සඳහා ශී්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ආචාර්ය දේවක පුංචිහේවා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගාමිණී රත්නසිරි, විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අතුල සිරි සමරකෝන්, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, එහි සභාපති අරුණ දිසානායක, ජාතික විද්වත් වෘත්තික සංසදයේ ජාතික සංවිධායක වෛද්‍ය සුසිල් රණසිංහ හා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස යන මහත්වරු සහභාගී විය. ජාතික විද්වත් වෘත්තික සංසදයේ අනුරාධපුර දිස්ති්‍රක් ලේකම් නීතිඥ සමන්ත හේරත් මහතා සම්මන්ත්‍රණයේ මුලසුන දැරීය. පාසල් ගුරුවරුන් දෙමාපියන්, විශ්වවිද්‍යාල හා පාසල් ශිෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

Facebook
Twitter
LinkedIn