සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය විසින් ප්‍රවාහන අමාත්‍යවරයාට යැවූ ලිපිය පහත පලවේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති සේවයේ පවතින තනතුරු පුරප්පාඩු පිරවීම ස`දහා පවත්වනු ලැබු තර`ග විභාගයෙන් සමත් අයදුම්කරුවන්ට ලබාදීමට නියමිතව තිබු පත්වීම් ලිපි ලබාදීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු සංඛ්‍යාව 294 ක් පමණ වේ. මෙම තනතුරු පුරප්පාඩු බාහිර අයදුම්කරුවන්ගෙන් පිරවීම ස`දහා 2011 ජුනි මස 25 දින පවත්වනු ලැබු සම්මුඛ තර`ග විභාගයට සහභාගි වු සංඛ්‍යාව 18.000 ක් පමණ වේ. එම තර`ගකරුවන්ගෙන් තේරීපත් වු එකසිය පනස් හය දෙනෙකු (156) ස`දහා පත්වීම් ලිපි ලබාදීම 2012.01.28 සිදු කිරීමට නියමිතව තිබු නමුත් ඔබතුමන්ගේ උපදෙස් මත පත්ව්ම් ලිපි ලබාදීම දින නියමයක් නැතිව කල් දමා ඇත. මෙම පත්වීම ලබාදීමෙන් පසු දුම්රිය ස්ථානාධිපති තනතුරේ පත්වීම්ලාභින් ස`දහා පෙබරවාරි 29 සහ මාර්තු 01 යන දෙදින තුල පුහුණු වැඩ මුළුවක් පැවැත්වීම ස`දහා රුපියල් දෙලකෂ හැත්තෑ පන්දහසක් (රු: 275.000/) වැය කොට ශ්‍රිඩා ආයතනය පවා වෙන්කොට තිබියදී, වසර හයකට පමණ පසු බාහිර අයදුම්කරුවන්ගෙන් දුම්රිය ස්ථානාධිපති තනතුරු පුරප්පාඩු පිරවීම සදහා ගනු ඇති තීරණය දින නියමයක් නැතිව කල් දැමීම වැරදි සහගත තීරණයක් බව පෙන්වා දෙන්නෙමු.
එබැවින් දින නියමයක් නොමැතිව ලක් දමා ඇති දුම්රිය ස්ථානාධිපති සේවයේ තනතුරු ස`හා සුදුසුකම් ලැබුවන්ට එකී පත්වීම් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.









