ඇමරිකාව හමුවේ රාජපක‍ෂ ආණ්ඩුව කබලෙන් ලිපට

මහින් රාජපක‍ෂ ජනාධිපතිවරයාට සහයෝගය පළකරවා ගැනීම සඳහා ආණ්ඩුව සංවිධානය කරන උද්ඝෝෂණවලදී ඇමරිකානු ධජය හෝ බැරක් ඔබාමා ජනාධිපතිවරයාගේ පිළිරුවට සමාන පිළිරූ ගිණිතැබීම හෝ නොකරන ලෙස ආණ්ඩුවෙන් උපදෙස් දී තිබිණ. එහෙත් මෙම උපදෙස් පිළිනොපැදි ප්‍රාදේශීය දේශපාලන නායකයින් සහ අනුගාමිකයින් ඇමරිකානු ධජය ගිණිතබා ඔබාමාට සමාන පිළිරූ ගිණි තැබීය. ආණ්ඩුවේ උපදෙස් පිළිනොපැදීමෙන් මේ වනවිට ඇමරිකානු රාජ්‍යයේ කනස්සල්ල පලවෙමින් තිඛෙන බව අනාවරණය වේ.

ඇමරිකානු ජනතාව හෝ ඇමරිකානු අධ්‍යාත්මය නිරූපනය කරන සංඛේතවලට අවමන් කිරීම පිළිබඳව එරට ජනතාවගෙන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ලෝකයේ ඕනෑම රටක විරුද්ධව අප්‍රසාදය පලකිරීමට හේතුවක් වේ. මේ බව තේරුම් ගත් ආණ්ඩුවේ උපදෙශකයන් දුන් උපදෙස් අභිබවා යෑමෙන් ආණ්ඩුව නුදුරේදීම ඇමරිකානු රාජ්‍යයේ දෝෂ දර්ශනයට ලක්වීම වැලැක්විය නොහැකි බව රාජ්‍ය.ාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn