අනුර වටා සුලිය ඇමරිකාවෙන් ඉන්දියාවට කැරකෙයි

අනුර වටා සුලිය ඇමරිකාවෙන් ඉන්දියාවට කැරකෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය වසර අවසානයේ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවීම් මාලාවකට සහභාගී වීම දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට යොමු වීම ඉක්මවා ඉන්දීය සංචාරය ඉදිරියට පැමිණ ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.

ඇමරිකාවේදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් අති විශාල වශයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට සවන්දීම සඳහා එක්රොක් වී සිටීම පදනම් කරගෙන මෙරට බුද්ධි අංශ පවා වෙනම වාර්තා රජයට ලබාදී තිබිණි. එම සංචාරයෙන් ජාතික ජන බලවේගය සහ විශේෂයෙන්ම එහි නායක අනුර දිසානායක සම්බන්ධයෙන් එතෙක් පැවති සාකච්ඡාවට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ අවධානයද හිමිව තිබූ බව එම විශේලේෂකයන්ගේ මතයයි.

මේ වනවිට 05 දින ඉන්දීය නිල සංචාරයක අනුර දිසානායක ඇතුළු දූත පිරිස යෙදී සිටීම පදනම් කරගෙන සුවිශේෂී අවධානයක් ඉන්දීම මාධ්‍ය මෙන්ම මෙරට තුළ මාධ්‍යවලද දේශපාලන විචාරයකයන්ගේද අවධානයට ලක්ව තිබේ. මේ පිළිබඳව විශේෂ නිරීක්ෂණ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේද මෙරට රූපවාහිනී සංවාදවල ප්‍රධාන මාතෘකාවක් ලෙසද ඉදිරියට පැමිණ ඇත.

මේ වනවිට ආණ්ඩු බලය හොබවන රනිල් පොහොට්ටු සන්ධානය සහ සමගි ජන බලවේගය මෙන්ම පසුගිය ආසන්න මැතිවරණ දෙකේදී රාජපක්ෂ පවුල වටා එක් වී සිටි අන්තවාදී කොටස් හැරුණු කොට බොහෝ පිරිස් ජාතික ජන බලවේගයේ දූත පිරිස ඉන්දියාවේ සංචාරයේ යෙදීම අතිශයින්ම කාලීන සහ තීරණාත්මක දේශපාලන වැදගත් කමකින් යුතු කාර්යයක් ලෙස කරුණු සහිතව පෙන්වා දෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn