“2015 සැප්තැම්බර් 5 දින එළඹෙන විට 1990 නැගෙනහිර සරසවියේ වන්තාරුමුලෙයි සරණාගත කඳවුරේ සිට අතුරුදන්වූ එක් අයෙකු හෝ දෙදෙනෙකු එනතෙක් පවුල් 158ක් වසර විසිපහක් තිස්සේ බලාසිටින බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. ඔවුන් ගියේ කොහේදැයි නොදන්නා ලෙස ඔවුන් අතුරුදන් වූයේ නැත. මෙහිදී සිදුවූයේ 40,000ක පමණ ජනතාවක් බලා සිටියදීම මම 158 දෙනා භාරදුන්නේ භාරගත්තේ ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන්ට දීමයි. බලහත්කාරයෙන් බස්රථවලට නංවාගත් මොවුහු වාලච්චේන දෙසට රැගෙන යනු ලැබූහ. මේ දක්වා කිසිවෙකු විසින් දකින ලද අවසන් අවස්ථාව එයයි.
අවාසනාවකට මෙන් එම කඳවුර භාරව සිටි ප්‍රධාන නිලධාරියා වශයෙන් මම මේ වන තෙක්ම මෙම සිදුවීමේ සාක්ෂිකාරයෙකු වී සිටිමි. මෙම සිදුවීම පළිබඳව මම මගේ අදහස් විවිධාකාර දේශීය සහ ජාත්‍යන්තර නියෝජිතයන්ට ප්‍රකාශ කළෙමි. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසන් සභාව ඉදිරියේ 2004 දී මම පෙනී සිටියෙමි. එම මෙහෙයුම සඳහා පැමිණි යුද හමුදා නිලධාරීන් සියලු දෙනාගේ නම් මම ඔවුනට ලබාදුනිමි. එමෙන්ම දින තුනකට පසුව සැප්තැම්බර් 08 දා කඳවුරට පමණක් හමුදා මේජර් ජෙනරාල්වරයාගේ නම ද මම ලබාදුනිමි. එසේ වුවද අද දක්වා මෙම සිදුවීම ගැන පරීක්ෂණයක් පැවැත්වීද යන්න මම නොදනිමි.
මෙම කඳවුර පවත්වාගෙන යාමට මට සහය වූ අනෙක් දෙදෙනා වන මහාචාර්ය මනෝ සභාරත්නම් හා ඩී.සිවලිංගම් මේ වනවිට ජීවතුන් අතර නැත. අතුරුදන් වූවන්ගේ පවුල්වල නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි 2014 දී මම නැවතත් ජනාධිපති කොමිසම ඉදිරියට ගියෙමි. මා සතු සියලු දේ ලබාදුන් බවටත් දන්නා සියලු දේ ප්‍රකාශ කළ බවත් ඒ සියල්ල 2007 ප්‍රකාශයට පත් මුල් කොමිසන් සභා වාර්තාවේ සඳහන් බවටත් ලිපියක් මම ලබාදුනිමි. ඒ සියල්ලට සිදුවූයේ කුමක් දැයි දැනගැනීමට අවශ්‍ය බව මම කොමිසමට පැවසුවෙමි. එයට පිළිතුරක් ලැබුණේ නැත. 1990 දී සිදුවීම් ගැන කතා කරන නිසා තවත් කොමිෂන් සභාවක් එන විට මා ජීවතුන් අතර නොවිය හැකි බවත් ඔවුන්ද නොසිටිය හැකි බවත් මම ඔවුන්ට ප්‍රකාශ කළෙමි. ඇත්තෙන්ම තවත් කොමිෂමක් එනවිට අදාළ බොහෝ දෙනා ජීවතුන් අතර නොවන්නට ඉඩ ඇත.
ඇතැම්හු මගෙන් අහන්නේ ඔවුන් ජීවතුන් අතර ද නැද්ද යනුවෙනි. එයට දීමට පිළිතුරක් මට නැත. ඔවුන් අසවල් තැන නැතහොත අසවල් තැන සිටින බව ඇතැමුන් මට කියන නමුත් මට ඒ ගැන තහවුරු කළ හැකි තොරතුරු නැත. යුද්ධයෙන් අසහනයට පත් ඕනෑම අයෙකු පිළිබඳව මට ඇතිවන්නේ මානසික තැතිගැන්මකි. අතුරුදන් තැනැත්තන් ගැන මතකයට හා කඳවුරේ සිදුවීම් සිහිනෙන් දැකීම නිසා ඇතැම් විට මා නින්දෙන් අවදිවන අවස්ථා ඇත.
මෙය අවසානය දැයි මා නොදකින නමුත් මෙය නැවත සිදු නොවිය යුතු බව මමම ප්‍රාර්ථනා කරමි.
ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි මම නොදනිමි. එසේ වුවද ඔවුන්ට සිදුවූ දේ දන්නා සෙබළුන් විශාල පිරිසක් ස්ථිර වශයෙන්ම සිටිය යුතුය. 1996 සැප්තැම්බර් 08 වැනිදා කඳවුර බැලීමට පැමිණි මේජර් ජෙනරාල්වරයා පසුව හමුදාපති තනතුරටද පත් වූ අතර ඔහු මෙම සිදුවීම ගැන හොඳින්ම දන්නා බව මට ස්ථිර වශයෙන්ම කිව හැකිය. සිදුවූයේ කුමක්දැයි ලොවට කියන්නට කාටවත් හැකියාවක් නැතිද? මෙය යුද අපරාධ ප්‍රශ්නයක් නොවේ. මානව වාදය පිළිබඳ ප්රශ්නයකි. සත්‍යය පිළිබඳ ප්රශ්නයකි. සත්‍යයට මුහුණ දී මෙය තමයි සත්‍ය යැයි කියන්නට කිසිවෙකුට හැකියාවක් නැතිද? අතුරුදන් වූවන්ගේ පවුල්වල අයට අවශ්‍ය කුමක්ද යන්න ගැන බොහෝ දෙනාට තේරුමක් නැත. ඔවුනට අවශ්‍ය පිළිතුරකට වන්දියක් නොවේ. දඬුවම්දීමක් නොවේ. පිළිතුරක් පමණකි. ඔවුන්ව සරණාගත කඳවුරෙන් රැගෙන ගිය උදවියට එය ලබාදිය නොහැකිද?
තමන්ගේ පියවරුන්ට සිදුවූයේ කුමක්දැයි නොදැන බලා සිටින දරුවන් සිටින බව කිසිවෙකුට නොතේරෙන්නේ ද? 1990 සැප්තැම්බර් 05 වැනිදා මනාලයාගේත්, මනාලියගේතත් යන දෙදෙනාගේම පියවරුන් අතුරුදන් වූවන් වන විවාහ මංගල්‍යයකට සහභාගීවීමට මෑතකදී මට අවස්ථාව ලැබිණි. ඔවුන්ගේ ජීවිතයේ පී‍්‍රතිමත්ම දිනයකදී ඔවුන්ගේ මානසිකත්වය කුමක් විය හැකිදැයි මවුපියන් ලෙස අපට තේරුම් ගත නොහැකිද?
යුක්තිය හා යහපාලනය ලබාදෙන බවට පොරොන්දුවූ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා අතුරුදන්වූවන් පිළිබඳ මෙම ඛේදවාචකය අවසන් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විශේෂයෙන් මෙම සිදුවීමේදී අතුරුදන් වූවන්ගේ සම්පූර්ණ නාම ලේඛනයම දන්නා තත්වයකදී එසේ විය යුතුය. එමෙන්ම මගේ තවත් බලාපොරොත්තුවක් වන්නේ වසර විසිපහක් ගෙවුණු පසුව හෝ මෙම සිදුවීම දන්නා කවරෙකුට හෝ තමන් දන්නා දේ ප්‍රකාශ කොට තමන්ගේම හදවත නිදහස් කරගෙන සිත සනසා ගැනීමට ධෛර්යය ලැබේවා යන්නයි. මෙම අවාසනාවන්ත සිදුවීම ඔවුන්ටද වධ දෙන බව මගේ විශ්වාසයයි.
අතුරුදන් වූයේ ජනයා පමණක් නොවේ. මානවවාදය, යහපාලනය, නීතියේ පාලනය, සහ සත්‍යය යන සියල්ලෙහි එකතුවක් අතුරුදන්වී ඇත. මෙම අතුරුදන් වූ කොටස් සොයා නොගතහොත් මහජන විශ්වාසය සදහටම නැතිවනු ඇත. සත්‍ය යටපත් කළ විට සංහිඳියාව ඇති වෙන්නේ නැත.
එම අවාසනාවන්ත දිනයේ වන්කාරමුලෙයි සරණාගත කඳවුරේ මා සමඟ සිටි පවුල් 158ක් වෙනුවෙන් යම් පිළිතුරක් ලැබීමෙන් මට තෘප්තිමත් විය හැකි තත්වයක් මගේ ජීවිත කාලය නිම වන්නට පෙර ලැබෙනු ඇතැයි යන්න මගේ ප්‍රාර්ථනයයි.
පවුල් 10,000ක පමණ 40,000ක තරම් ජනතාවක් තාප්ප හතරකින් කොටුකර පවත්වාගෙන ගිය මෙය එකල ශී‍්‍ර ලංකාවේ තිබූ විශාලතම සරණාගත කඳවුරයි. කඳවුර තුළ උපත් 28 ක් සිදුවූ අතර, මරණ 15ක් සිදුවිය. වැඩිදෙනා වළ දමන ලද්දේ ද කඳවුර තුළමය. කඳවුර තුළ කඩ සාප්පු, තැපැල් හා ජල සැපයුම් ද තිබිණි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා දේශසීමා නැති වෛද්‍යවරු, සංවිධාන භාරකරුවෝ ලෙස සිටියහ. සරණාගත කඳවුර පවත්වාගෙන යාම සඳහා ග්‍රාම සේවා නිලධ
ාරීන්ගේ සහාය ලැබිණ. එය තුළ කුඩා ආණ්ඩුවක් තිබුණේ වැනිය. ඈතින් දකින දුම් සහ ශීත අහසේ දිවා? ගමන් කරන වෙඩි උණ්ඩවල හඬ ආදිය නිසා බිය ඇති වුවද ජනයාට කඳවුර තුළ ආරක්ෂාවක් දැන් තිබිණි. ගස් යට හා එලිමහනේ ජනයා දිවි ගත කළේ යම් දිනෙක තම නිවෙස් කරා යෑමට ලැබෙතැයි බලාපොරොත්තුවෙනි. 1990 සැප්තැම්බර් 5 වැනිදා මෙම සිදුවීමත්, ඊට පසු අවස්ථාවක තවත් 18 දෙනෙකු රැගෙන යාමෙනුත් පසුව මහජනයා හෙමින් හෙමින් කඳවුර අතහැර ගිය නිසා 1990 සැප්තැම්බර් 30 දා කඳවුර වසා දමනු ලැබීය. අතුරුදන් වූ 158කට වැඩි පිරිස පිළිබඳ මතකය හා කනගාටුව අද වනතෙක් රැඳී ඇති මෙම කඳවුරෙන් අවසානයට ඉවත්වූ තැනැත්තා වෙමි.”
උපුටාගැනීම :- 1990වේදී වන්තාරුමුලෙයි සිර කඳවුර භාරව සිටි නිලධාරී ආචාර්ය ටී. ජයසිංහ මහතාගේ ලිපියක් ඇසුරින් සී.ජේ. අමරතුංග මහතා විසින් ලංකාදීප පුවත්පතට සපයා තිබූ ලිපිය.









