ජවිපෙට වන්දි ගෙවන්නැයි අරුන්දිගේ මැරයන්ට නියොග

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයන් වන පී.එල්. විජේදාස, සාගර කුමාර විජේදාස යන අයට පසුගිය මහ මැතිවරනයේදී වත්මන් නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දුගේ මැරයන් විසින් 2015-07-13 වන දින තොඩුවාව ප්‍රෙද්ශයේදී සිදු කළ පහරදීමට අදාලව ක්ෂණික වන්දියක් ලෙස රුපියල් 20,000ක් ගෙවීමටත් රථවාහනවලට සිදු වූ අලාබහානිය ඇස්තමේන්තු කර එම මුදල ගෙවීමට පසුගියදා මාරවිල දිසා අධිකරනයේදී නියෝග දී තිබේ.

ඒ අනුව එම ණඩුව අද (21) කැඳවූ අවස්ථාවේ අධිකරනයට ඉදිරිපත්කරන ඇස්තමේන්තුවල සදහන් මුදල පිළිගත නොහැකි බව විත්තියේ නිතීඥය වරිය විසන් ප‍්‍රකාශ කළ අතර නඩුව ඔක්තෝබර් 19 වන දින දක්වා කල් තබා ඇත.

අරුන්දික ප්‍රනාන්දුගේ මැරයන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් යතුරු පැදියකට සහ ත‍්‍රීවීල් රථයකය අලාබහනි සිදු කර තිබේ.

එම නඩුවට අදාල පහරකෑමට ලක් වූවන්, අපේක්‍ෂකයින් වෙනුවෙන් නිතීඥය පාලිත විජේසිංහ මහතා පෙනී සිටි අතර පහරකැමට ලක්වු අපේක්‍ෂකයින් සමග පුත්තලම් දිස්ත‍්‍රික් සංවිධායක සමන්ත කෝරලේආරච්චි මහතාද මෙම අවස්තාවට සහබාගී වී ඇත.


Facebook
Twitter
LinkedIn