අනධ්‍යයන සේවකයින් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයේ

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (29) සිට අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

 

බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට මෙතෙක් කිසිදු පියවර ගෙන නොමැති බව අන්තර් විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපති ආර්.එම්.චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කළේය.

එම නිසා මෙලෙස අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් කළේය.

විෂය භාර අමාත්‍යවරයා සාකච්ඡාවකට එකඟ වූ බව පසුගිය 27  පැවති රැස්වීමේ දී දැනගන්නට ලැබුණ ද එහිදී ද විසඳුම් ලැබෙනු ඇතැයි ස්ථිරව නිගමනය කළ නොහැකි බව ඔවුහු පෙන්වාදෙති.

බලධාරීන් සිය ඉල්ලීම් පිළිබඳව නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා අකමැත්තෙන් වුව ද මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුව ඇති බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

 

Facebook
Twitter
LinkedIn