ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එක්සත් ජාතනීගේ මානව හිමිකම් කමිටුවට ගෙන එන්නේ යැයි පවසමින් මහින්ද රාජපකෂ මහතා ඇතුලූ ආණ්ඩුවට සහයෝගය ලබාගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතන බලහත්කාරයෙන් යොදාගනිමින් සිටී. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ කාර්ය මණ්ඩලයට ලිඛිතව දන්වා ඇත්තේ එම කාර්යාල මට්ටමින් සත්‍යග්‍රහ පවත්වන ලෙසයි.
පොල්ගහවෙල සහ අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලූ නිලධාරීන් සත්‍යග්‍රහය සඳහා මෙලෙස සම්බන්ධ කරගෙන ඇත.
මෙයට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සියලූම රාජ්‍ය ආයතනවලට වාචිකව දන්වා ඇත්තේ කාර්යාල ඉදිරිපිටදී උද්ඝෝෂණ හෝ බෝධි පූජා පවත්වා රජයට ආශිර්වාද කරන ලෙසයි. මේ ආකාරයෙන් රාජ්‍ය ආයතන මත බලහත්කාරය යොදවමින් ආණ්ඩුවට සහයෝගය පලකරගැනීමේ කි්‍රයාමාර්ග මේ සතිය පුරාම පැවැත්වීමට බලකර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවට සහාය පලකිරීමේ උද්ඝෝෂණවල විශAවවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති ආචාර්ය ගාමිණී සමරනායක මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා යන රාජ්‍ය නිලධාරී සිටි අතර වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් පකෂ වෘත්තීය සමිතිය යොදාගෙන පැවැත්වූ උද්ඝෝෂණයට එම අධිකාරියේ සභාපති පි්‍රයත් බන්දු වික්‍රම මහතා ද සහභාගී වී සිටියහ.
මේ අතර ශී්‍ර ලංකා රාජ්‍ය පරිපාලන සේවය මෙහෙයවනු ලබන නියෝග, චක්‍රලේඛ වලට මූලික නීතිය සපයන ආයතන සංග්‍රහයට අනුව විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් සහ පරිපාලන සේවයේ නිලධාරීන් සෘජුව දේශපාලන කටයුතුවල යෙදිය නොහැක. නමුත් ආණ්ඩුවේ මෙම උද්ඝෝෂණවලට ආයතන සංග්‍රහයේ මූලික ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් රාජ්‍ය නිලධාරීන් යොදාගෙන සිටීම විශේෂත්වයකි.









