සමස්ත ලංකා සුවසේවා සංගමය අදත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (29) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සමස්ත ලංකා සුවසේවා සංගමය තීරණය කර තිබේ.

දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල සෞඛ්‍ය කාර්යය සහයක සේවාවට අයත් ශ්‍රේණිවල සහ උපස්ථායක සේවාවේ කාර්යය මණ්ඩල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එම සංගමයේ ‍ප්‍රධාන ලේකම් ගාමිණි කුමාරසිංහ මහතා පැවසුවේය.

ආදේශක සේවකයින් ස්ථිර නොකිරීම, සති ‍විවේක දින කප්පාදු, නිල ඇඳුම් දීමනාව මෙතෙක් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8 ක් මීට හේතුව බව ගාමිණි කුමාරසිංහ මහතා පෙන්වාදෙයි.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් සහ පවතින ගැටලු විසඳන ලෙස අවස්ථා ගණනාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණ ද එම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn