Video: ඇවන්ගාඩ් පිළිබඳ තවත් හෙළිදරව්වක්

ආන්දෝලනයට තුඩු දී ඇති ඇවන් ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන පනත් තුන යටතේම නඩු පැවරිය හැකි බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) රාත්‍රීයේ ජනහඬ රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.

ඇවන්ගාඩ් නඩු විභාගය සම්බන්ධයෙන් කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් අදාල පනත් තුන යටතේ නඩු පැවරිය හැකි බවට ප්‍රකාශ කර තිබියදී නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පරස්පරතාවයකින් කටයුතු කිරීම සැක සහිත බවද අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇවන්ගාඩ් සිද්ධියට නඩු පැවරීමට කටයුතු නොකරන ලෙසට ප්‍රකාශයක් සිදුකළ බවද ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn